November 28, 2012

සැමියා බිරිදගේ ගෙල කපලා

Posted by Unknown On Wednesday, November 28, 2012
වත්තල හැදල, මුතුරාජ මාවතේ නිවසක තිබී ගෙල කපා මරා දමන ලද කාන්තාවකගේ මළ සිරුරක් වත්තල පොලිසියට හමුවී තිබේ. අද (27) අලුයම මෙලෙස මියගොස් තිබෙන්නේ ශිරානී රණවීර (44) නැමති තිදරු මවකි. සිය දරු දෙදෙනෙකු හා මව සමග ඇ‍ය නිවසේ වාසය කොට තිබෙන්නේ දෙවන විවාහයේ සැමියාද සමඟය. සැමියා සමග නිතර ආරවුල් පැවතී තිබෙන බවත් මේ සැමියා විසින් තියුණු ආයුධයකින් ගෙල තුවාල කොට මරා දමා තිබෙන බවත් නිවසේ සිටි කිසිවෙකුට ඒ පිළිබදව ශබ්ධයක් හෝ නොඇසෙන ලෙස මරණය සිදුකොට ඇති බවත් වාර්තා වේ.

සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැ‍යි පැවසේ. වත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Template Information

Unordered List

Template Information

Test Footer 2