තම පුතාටත් ලැම්බෝගිනි රථයක් අරන් දෙන බවට ධාවන මෝටර් රථ සඳහා අයවැය හරහා බදු සහන ලබාදීම අගය කරමින් පසුගියදා පවසා සිටි ඇමති මර්වින් සිල්වා අද යතුරු පැදියකින් කිරිබත්ගොඩ නගරයේ ධාවනය යෙදුනේ "කිරිබත්ගොඩ තරුණ කැල" පැවැත්වූ පාපැදි තරඟයක තරඟකරුවන්ට දිරිමත් කරමිනි.
එම තරඟය අරම්භ කිරීමේ සංඥාව ලබාදුන් ඇමතිවරයා තරුණයෙකුගේ යතුරු පැදියක් ඉල්ලගෙන තරඟකරුවන් පසුපස යෑම නිසා ආරක්ෂක භටයින් හා සංවිධායකින්ද දැඩි අපහසුතාවයට පත් විය.
ඔහු තම යතුරුපැදි ධාවනය අවසන් කලේ පාපැදි තරඟකරුවන්ට දිරි දෙමින් කිරිබත්ගොඩ නගරයේ කිමී හතරක් පමණ ධාවනයෙහි දීමෙන් අනතුරුවයි.

