සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පැවසේ. වත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
November 28, 2012
සැමියා බිරිදගේ ගෙල කපලා
Posted by Unknown
On Wednesday, November 28, 2012
වත්තල හැදල, මුතුරාජ මාවතේ නිවසක තිබී ගෙල කපා මරා දමන ලද කාන්තාවකගේ මළ සිරුරක් වත්තල පොලිසියට හමුවී තිබේ. අද (27) අලුයම මෙලෙස මියගොස් තිබෙන්නේ ශිරානී රණවීර (44) නැමති තිදරු මවකි. සිය දරු දෙදෙනෙකු හා මව සමග ඇය නිවසේ වාසය කොට තිබෙන්නේ දෙවන විවාහයේ සැමියාද සමඟය. සැමියා සමග නිතර ආරවුල් පැවතී තිබෙන බවත් මේ සැමියා විසින් තියුණු ආයුධයකින් ගෙල තුවාල කොට මරා දමා තිබෙන බවත් නිවසේ සිටි කිසිවෙකුට ඒ පිළිබදව ශබ්ධයක් හෝ නොඇසෙන ලෙස මරණය සිදුකොට ඇති බවත් වාර්තා වේ.
සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පැවසේ. වත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පැවසේ. වත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
November 26, 2012
කොළඹ කච්චේරියේ ගින්නක් ලිපි ලේඛණ රැසක් ඉවරයි
Posted by Unknown
On Monday, November 26, 2012
කොළඹ කච්චේරියේ ඉහළ මහලයේ ඇතිවූ ගින්නෙන් එහි
ලිපි ලේඛණ රැසක් දැනටම වෙනසෙන්න ඇතැයි නිලධාරියෝ පවසයි. ගින්න නිවීමට ගුවන් හමුදාව, ගිනි නිවන ඒකකය සහ ජල සම්පාදන මණ්ඩලය සහය වේ. දැනටම ජල බව්සර් දහයක් පමණ යොදාගෙන ඇතත් රාත්‍රී නවය වන විටත් ගින්න පැතිරෙමින් තිබුණි. කච්චේරියේ ආරක්ෂක නිලධාරියෙක් පැවසුවේ ඉහළ මාලයේ ගින්න මුලින්ම දුටු බවයි.
සනත් ජයසුරියගේ තෙවන ඉනම - නැවත වරක් විවාහ වෙයි.
Posted by Unknown
On Monday, November 26, 2012
කළක් ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා වූ සනත් ජයසුරිය ඊයේ තෙවන වරටත් විවාහ දිවියට පැමිණුනා. ඔහු මෙවරද අතගත්තේ ගුවන් සේවිකාවක් හා චිත්‍රපට නිළියක් වන මලීකා සිරිසේනගේ සමඟයි.
ඇය "සුපිරි සික්ස්" සිනමා පටයේ පබෝධා අරුණි සමඟ අනෙක් ප්‍රධාන නිළියගේ චරිතය රඟදැක්වූ නිළියයි. ඊයේ උදැසන ගල්කිස්ස වලේ පන්සල හිදී ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව සන්ධ්‍යාවේදී ගල්කිස්ස මහ හෝටලයේ මේ නිමෙත්තෙන් හා
මලීකාගේ උපන් දිනය නිමෙත්තෙන් සීමිත පිරිසකට බෝජන සංග්‍රහයක් ද පවත්වා තිබෙනවා.
සනත් ජයසුරියගේ පෙර විවාහය සන්ද්‍රා සමග ද එම විවාහයෙන් ළමයින් තිදෙනෙක්ද සිටි.ඔවුන් ඈත් වීමට නඩු මගට එලබුනේ මිට මාස කිහිපයකට පෙර අතර එම නඩු විභාගය තාම අවසන් වී නොමැත.
November 25, 2012
ලැම්බෝගිනි ගන්න ගිය මර්වින් යතුරුපැදියට බසියි
Posted by Unknown
On Sunday, November 25, 2012
තම පුතාටත් ලැම්බෝගිනි රථයක් අරන් දෙන බවට ධාවන මෝටර් රථ සඳහා අයවැය හරහා බදු සහන ලබාදීම අගය කරමින් පසුගියදා පවසා සිටි ඇමති මර්වින් සිල්වා අද යතුරු පැදියකින් කිරිබත්ගොඩ නගරයේ ධාවනය යෙදුනේ "කිරිබත්ගොඩ තරුණ කැල" පැවැත්වූ පාපැදි තරඟයක තරඟකරුවන්ට දිරිමත් කරමිනි.
එම තරඟය අරම්භ කිරීමේ සංඥාව ලබාදුන් ඇමතිවරයා තරුණයෙකුගේ යතුරු පැදියක් ඉල්ලගෙන තරඟකරුවන් පසුපස යෑම නිසා ආරක්ෂක භටයින් හා සංවිධායකින්ද දැඩි අපහසුතාවයට පත් විය.
ඔහු තම යතුරුපැදි ධාවනය අවසන් කලේ පාපැදි තරඟකරුවන්ට දිරි දෙමින් කිරිබත්ගොඩ නගරයේ කිමී හතරක් පමණ ධාවනයෙහි දීමෙන් අනතුරුවයි.
Subscribe to:
Posts (Atom)





